තඹර පෙති අතර විය
පිනි බින්දු පැහැදිලිව
කැටයමක් විලස සඳ
සබඳ මතකද නුඹට ?
විලිකුන් සුරත් ඵල වැන්න
රිවි මඩල කඳු සිරස හිඳ
එබී උන් දිනෙක නුඹ
සතපන්න හද මඩල
ආරාධනා කව් - සුරත
ගෙන ආ දිනය
සබඳ මතකද නුඹට ?
සකුණ මියැසි නද කොනෙක
නේක තුරු පවන් සිඹ
ජල තරඟ හිනැහුනු දිනෙක
සතපන්න හද මඩල
ආරාධනා කව් - සුරත
ගෙන ආ දිනය
සබඳ මතකද නුඹට ?
පට්ටම පට්ටයි මේක නම් :D
ReplyDeleteno words dear.... great !!!!!!!!!!!!!
ReplyDelete