Monday, January 6, 2014

එලඳ වරුණ නාරිලතාවයී ..

( Written in early 2010)


සේද වළා අතරින් 
නැගෙනා ලා හිරු කැන් 
නුබ සරසන්නී ..
බඹරිඳු හඬ අතරින්
පල බර අතු පතරින්
මුදු හඬ ආවායි ..
මදහස පාමින් බඳ 
තාලෙට තබමින් පය 
එළඳ නටන්නී ..
නීල වරල සමගින් 
පින්බර නෙත් දෙපලින් 
මියුරුලතාවයි ..
ගිගිරි වලලු සමගින් 
ඉඟ සුඟ නලවාමින්
නිතර රඟන්නී ..
දුටු සත පිනවමින් 
ගෝමර හැඩ පාමින් 
තොස වඩ වන්නී ..
සබඳ අසනු 
එලඳ වරුණ 
නාරිලතාවයී ..


1 comment:

  1. කවිය වරුණ මියුරු ලතාවයි :)

    ReplyDelete