Saturday, May 3, 2014

අනේ වෑ දිය හිඟ වුනත් ...

ඉර ගින්න යන්න අහකට 
ගල් තැලුම් කලුවෙලා 
ඇනෙන වැලි බොරළු කරවෙලා
රිදුම් දෙයි හිරිවට්ටලා 

අජන්තා සිතුවම් රටා 
තිරි භංග පිළි රුව වටා 
දෑඟිලි පිරිමදින කිරිගරුඬ 
සීතලට ගල් ගුළිවෙලා 

දිනකර මදක් අහකට යන්න 
අවු රිදුම් දෙපයෙන් මකා 
වඳින්නට හිත එක් තැන් වෙලා 
නිවන් මග නැහැ පැහැදිලා 

ගල් විහාරෙට උඩින් හමනා 
ඇල් පවන ගිම් නිවනවා 
අනේ වෑ දිය හිඟ වුනත් 
ගිරිතලේ නැහැ අඬනවා




0 comments:

Post a Comment