ඔය දෙබොක්කාවට එහයින්
එක යායට
බිමට නැමී ඇති
කනේරු මල්
පිපේවිද
ඉරාගෙන අහස් ගැබ
ඉරු එලිය
එබෙන්ටත් කලින්
හෙටත්
අද වාගේම ?
වැව , නුඹට මතකද
ගිය අමාවක අඳුර
නුවර වැව හොවාගෙන
වැඩිය සීතල සුළඟ ?
ඒ සුළඟ වඩීවිද
ආයෙමත්
පුරපසට ?
අඩුමතරමින්
ඊළඟ අමාවකට?
නිදි නැතිව
බැලුම්ගල
එන එන සෙනගට
සොඳුරු ඝන අරණ
පෙන්නමින්
මුමුණන හීන් වැව් දිය
ඉඳීවිද
මේ වගේ
දෙතොලඟ සිරවුන
මතක පද අහුලමින්
ආයෙමත්
හමුවන දිනක් තුරු ?
These kaneru blooms
kissing the soil
in fields
on the other side of the debokkawa,
will they blossom tomorrow
before sun breaks
through mountain
tearing the sky
like they did today?
You , lake
do you remember
the last amawaka
when a cold breeze swept
nestling the nuwara wewa?
Will that cold breeze pounce,
pounce again
on a full moon poya?
Or,
in least
another amawaka?
Balumgala,
wide awake
enthralling climbers
in green wood beauty.
And
will the thin ripple water
remain the same
collecting memory word
of those that are lipped
and are lost in oblivion
until another reunion?
0 comments:
Post a Comment