Friday, October 18, 2013

සබඳ මතකද නුඹට ...

තඹර පෙති අතර විය
පිනි බින්දු පැහැදිලිව 
කැටයමක් විලස සඳ 
සබඳ මතකද නුඹට ?


විලිකුන් සුරත් ඵල වැන්න 
රිවි මඩල කඳු සිරස හිඳ
එබී උන් දිනෙක නුඹ 
සතපන්න හද මඩල
ආරාධනා කව්  - සුරත 
ගෙන  ආ   දිනය 
සබඳ මතකද  නුඹට ?


සකුණ මියැසි නද කොනෙක
නේක තුරු පවන් සිඹ
ජල තරඟ හිනැහුනු  දිනෙක 
සතපන්න හද මඩල 
ආරාධනා කව්  - සුරත
ගෙන  ආ දිනය
සබඳ මතකද  නුඹට ?

2 comments:

  1. පට්ටම පට්ටයි මේක නම් :D

    ReplyDelete
  2. no words dear.... great !!!!!!!!!!!!!

    ReplyDelete