Sunday, October 20, 2013

ගුරුමවුනි , නුඹයි අප සඳ කිරණ

 I was running through what I have written years back  and then came across this , something written on  the 04th of August 2011 , just five days before the Advanced Level exam to a teacher who inspired and nurtured me all the way ... a note to " Dithika Miss " - for you I was the most playful and  loving .

කස්තිරම් අඩව් පිරි 
වන්නමක් වගේමයි 
සුන්දරයි ජීවිතය
මේ භවයේදී ..


වැටුණු විට නැගිටවා
සෙනෙහස නිබඳව දී දයා
නැලවිලි ගී නැතත්
නුඹ අප නැලෙව්වා 


අයින්ස්ටයින් ගැලිලියෝ 
නිව්ටන් කෙප්ලර්ද 
ඇරිස්ටෝටල් හා  එක්ව
පිටු දන් දී මතුවට
මවු කිරට සිප් කිරක් දුන්
ගුරුමවුනි ,
නුඹයි අප සඳ කිරණ 


සෑම කර්තවයකදිම
යෝධ සෙවණැල්ල මෙන් 
දාහය වෙරූ නුඹ
කෙසේ නම් අමතක කරම්ද ?


ගුරුමවුනි පිපීයන්
නිමල අරවින්දයක විලස
කප්  සුවහස් කල්
අවිඳු ගණ දුරලන්ට 


පෙරබරින් නැගෙන දිවයුරු පිපෙන්නට 
බැස යන සඳ දියට නිසිමග පෙන්නන්ට
හැකිවේවා නුඹට
නිරන්තරයෙන්ම 
සුවහසක් සිසු පිදූ 
ආයු බෝ ලැබ !

0 comments:

Post a Comment