Thursday, October 31, 2013

පරම සත්‍යය

මුවාවී මුල්ලකට 
කවුළු අරාගෙන 
තනිකමට හුරුවූ 
පුංචි බෝනික්කන් දැක 
නෑකම් අතින් ගෙන
නොහදුන්නෝ හැඳින්නෝ විලස 
කුමක් හෝ අරබයා 
දොරින් දොර ඉගිලෙන
රකුසු වෙස් වෙලාගෙන
හදවත් එබී බලන්නෝ
හඳුනන්නීද බෝනික්කෝ ?
දන්නෝ දනිති
නොදන්නෝ නොදනිති 
අහෝ ! පරම සත්‍යය  

2 comments: