Saturday, October 26, 2013

සිව් දෙවියනි වරම් දෙන්න

සැපත මුසු දුක රැඳුන
සසර මහා සාගරය 
එතෙර වනු මැන පිණිස 
සිව් දෙවියනි වරම් දෙන්න 

කෙම් බිම් හැඩ කරන
වැඩෙන ගහ කොළ වලට
නිබඳ නව පණ දෙන්න 
සිව් දෙවියනි වරම් දෙන්න 

නුහුරු මං මාවත්වල 
ඉඳුල් යදින කුසපත් වලට
රස මසවුළු අරන් දෙන්න
සිව් දෙවියනි වරම් දෙන්න 

සඳ කැන් නැහැවුණු සඳළුතලාවක
පෙම් දම් පුරන හදවත් මන්දිර 
සුවපත් කරවන්න
සිව් දෙවියනි වරම් දෙන්න 

එක මලක් තනන්ට රුවින් රුවට 
දුක් විඳින මව් වරුනි උතුම් 
මතු බුදු කරවන්නට 
සිව් දෙවියනි වරම් දෙන්න

0 comments:

Post a Comment