Thursday, November 7, 2013

නැගෙයි දිනකර

නැගෙයි දිනකර  ගඟන තලයෙන්
වියරු ගජසෙන් විලස
කිමිර බිඳ විසල් ලොව
පුබුදුවන අටියෙන්

දරා ඵල ඇති නේක අතු සැම
වැනෙති විජිනි පතෙහි තාලයට
නිලඹර රජ කරන සියොතුන්
රැව් පිළි රැව් දෙයි  නිතින

විකසිත මලක තැවරුණු මුවරද
විහිදුවාලයි සුවඳ හැම තැන
අරුණලු නැගෙන සොඳුරු  මොහොතක්
දකින්නෙමි මෙලෙසින්

0 comments:

Post a Comment