ඉරයි හඳයි - අපේ ලොවේ
දෙවන සෙවන නිරන්තරේ
එය නසනා මිනිසාටත්
වෙනසක් නෑ
වෙනසක් නෑ
මමයි අපියි - අපේ ලොවේ
ඉරයි හඳයි - ගසුයි වැලුයි
එය නසනා මිනිසාටත්
වෙනසක් නෑ
වෙනසක් නෑ
සත් සිවුපා - අපේ ලොවේ
කෙතේ නිලයි - ඇළ දොළේ දියයි
එය නසනා මිනිසාටත්
වෙනසක් නෑ
වෙනසක් නෑ
උගත් වියත් - ඔහුත් ඇයත්
මමයි අපියි - අපේ ලොවේ
සතර දෙසින් කියනා ඒ
බහට නැමී - මහ
පොළොව නසන්නේ
0 comments:
Post a Comment